Friday, February 11, 2011

සිහින සිතුවමක් ! නිමි...8

 ඇකේෂියා සිහින සිතුවමක් හාත්පසින්ම ගොම්මන් අඳුර වෑහෙන්නට පටන්ගෙන ඇත. වැව් තාවුල්ල නිශ්චල වී ඇත. මාගේ කඳුළුද වියලී ‍බොහෝ වේලා ගතවී තිබුනි. එහෙත් මට ඒ තුරුලෙන් මිදෙන්නට සිත්නැත. මා තුරුල් කරගත් වනම ඔහු මීට බොහෝ වෙලාවක පෙර අවසන් වූ ගීතයකට තවමත් නැළවෙමින් සිටී. එසේ සිටියදීම ඔහු ඒ දෑත් වලින් මා ලිහිල් කර මාගේ බාහූන් දිගේ ගෙල පාමුලට ගෙනැවිත් ඒ දෙඅත්ල මගේ ‍හිසකෙස් තුලින් යවා මුළු මුහුණම ඒ දෝතට සිර කර ගත්තේය. දෑස් ඔසවා ඒ මුහුණ දෙස බැලූ මට මෙතෙක් මා ආදරය කළ සඳ තරු අතහැර දැමීමට කාලය සපැමිණි වග සිහිවිණි. මින් මතු මා සිත් අහසේ පායන එකම සඳ දැන් මා ඉදරියේ දිදුලමින් සිටී. මා සිත් අහ‍සෙන් බැස නොයන තරු කැට දෙකක් දැනටමත් මා හිස ඉහලින් බැබලෙමින් සිටී. ඒ තරු යුවල මදින් මද මා හට ළං වෙමින් පවතී. උණුසුම් වේගවත් සුසුම් රුළි මා වතේ ගැටී විසිරී ගත පුරා ගමන් කරන සෙයකි. ඒ උණුහුමට මෙතක් කල් නිදා සිටි යම් නුහුරු හැඟීමක් අවධි වෙන ආකාරය මට වැටහෙයි. ඔහුගේ අතැඟිලි මා පැන දුවතියි බියෙන් මෙන් මාගේ ගෙල හා දෙකන්පෙති සිර කරමින් විහිදී ඇත. තවත් ඒ තරු කැට බබලන දීප්තිය මට බලා සිටිය නොහැක. මම දෙනෙත් වසා ගතිමි. දෙතොල් පෙති වේගයෙන් සලිත වීම මට නවත්වාගත නොහැකිය.
එක් මොහොතකදී මුළු‍ ලෝකයම නතරවූවා සේ මට දැනුනි. රළු සොඳුරුතමයෙකුගේ දෙතොල් හා මාදෙතොල් උනුන් හඳුනාගනා ගැනීමට යෙදෙන උත්සහයෙන් අප වල්මත් වී ගියෙමු. සංසාර පුරුද්දකට මෙන්ම ඒ පහසට නතු වීමට මා දෙතොල් එක නිමේශයකුඳු පමා වූයේ නැත. පිටතින් නොපෙනෙනා අපූර්ව බන්ධනයක් ඒ හදවතෙන් පැන නැගී එකට යාවී තිබුනු තොල් පෙති හරහා විත් මාගේ හදවතට බද්ධ වන අපූරුව මා දෙනෙත් වසා ගෙනම අත්වින්‍ෙඳමි. තව දුරටත් අප අතර සිරුරු දෙකත් නොමැති විය. වෙනස් සිරුරු දෙකක සැඟව සිටි ආත්මයන් දෙකක් උනුන් හුවමාරු වෙන අපූරුව මට දැනේ. අප අතර අංශුවක හෝ පරතරයක් තිබුනි නම් එයද සුන්නද්ධූලි වී යාමට මා‍ගේ දෑතම ඔහුගේ බඳ වටා යවා ඔහුව දැඩිව සිර කරගතිමි.
එයින් පසුවදා අප දෙදෙනාට වූ ලබැඳියන් කිහිප දෙනෙකුගේ ආශිර්වාදය මැද සදා අපගේම වී ජීවත් වීමට සහතික වූයෙමු. මා ඔහුගේ සෙවනේ සිටි ඒ පුංචි නිවහන කරා අප හැරලූ සියළු දෙනා ආදරවන්තයින්ට හුදකලාව කොයි තරම් නම් ආශිර්වාදයක් දැයි වටහා ගත් කල මෙන් අප හැරදහා යන්නට ගියහ. නිවසේ දොරකඩ දී හැරී ඔහු මාවෙත පෑ සිනාව මා ජීවත්ව හිඳින තාක් කල් මගේ මතකයෙන් නොගිලිහෙනු ඇත. මා අත ගෙන සාලයටද ඉන් ඔහුගේ කුටියේ දොරටුව අසලටද පිය මැන්න ඔහු කාමරෙයේ දොරටුව හරින ලදී. පුරා අටමසක් තිස්සේ මේ නිවසේ මා විසුවද කෙදිනකවත් පය නොගැහූ ඒ කුටියට මම ඇතුළු වීමි. සියල්ල සැළසුම් කරන්නට ඔහුට කාලය ලැබුනේ කොයි වෙලේදැයි මා නොදනිමි. කෘතීම එළි වෙනුවට එහි වූයේ ඉටිපහන් වලින් විහිදුන සෞම්‍ය එළියයි. ආදරයේ සංකේතය වූ රතු රෝසමල් වලින් කාමරය සුවඳවත් විය.සියල්ල පෙරදා මෙන්මය. අඩුවකට තිබූ ආදරණීය සංගීතයද දුරස්ථ පාලකයකින් අවධි වී රුව් දෙන්නට විය.
Tonight I celebrate my love for you
It seems the natural thing to do
Tonight no one's gonna find us
We'll leave the world behind us
When I make love to you
Tonight I celebrate my love for you
And hope that deep inside you'll feel it too
Tonight our spirits will be climbing
To a sky filled up with diamonds
When I make love to you, tonight 
පෙරදා ඔහුගේ උණුසුම් හාදුවෙන් පණගැසූ යම් නාදුනන හැඟීමක් තවමත් මා ගත වටා දැවටෙමින් සන්තර්පනය නොවූ යමක් ඉල්ලා කැමොර දෙන්නට පටන් ගන්නා සෙයකි. එය ඔහුටද එසේම බව ඔහු මාවෙතට ළංවූ අයුරින් මා දැනගතිමි. තව දුරටත් මා බිය විය යුත්තේ කුමකටද? ඔහු දැන් මාගේය. ඉතිරිව ඇත්තේ මා ඔහු සතු වීම පමණි. මා සිර කර ගැනීමට මාන බලමින් සිටි දෑගිලි කිහිපයක් සැනෙන් මා වෙත ලං විය. මෙතෙක් ඔහුගේ පමණක් බර දැරූ මේ යහනට අද මාද බරක් විය. ඒ රළු දෑතට බියවූ මාගේ දුහුල් සළු පිළි තව දුරටත් ඔවුන්ගේ වගකීම අමතක කර දමා මා හැර යන්නට විය. දෙනෙත් වසාගෙන මේ සොඳුරු  අරුමැසිය සිතින් හා ගතින් දෙකෙන්ම විඳ ගනිමින් සිටියදී මාගේ සළු පිළි පැහැර හැරූ ඒ වගකීම ඉටු කිරීම ඔහුගේ උණුසුම් සිරුර භාරගත්තේය.. විටෙක කොපුල් වලද විටෙක දෙතොලේද විටෙක ගෙලහිද විටක ලැමැදින්ද  දිව යන ඒ දෙතොලේ තෙතමනය උසුලාගත නොහැකිව මගේ මුවින් අරුත් සුන්වු වදන් හා කෙඳිරිලි ගිලිහෙන්නය විය..


ඇකේෂියා සිහින සිතුවමක් නිමිTonight I celebrate my love for you
And that midnight sun is gonna come shining through
Tonight there'll be no distance between us
What I want most to do, is to get close to you
Tonight
Tonight I celebrate my love for you
And soon this old world will seem brand new
Tonight we will both discover how friends turn into lovers
When I make love to you



ඒ ඇසෙන්නේ මාගේ හිස ඇතුලින්ද නැතහොත් කාමරයේ වූ ගීත වාදන යන්ත්‍රයෙන් දැයි මම නොදනිමි.. ඒ දිගු කෙහෙරැළි අතර මාගේ ඇඟිලි තුඩු ඇඳී යද්දී දහදියෙන් තෙත් වී ගිය කෙස් ඇඟිලි අතරේ පැටලී යන්නට විට. මාගේ මුහුණේ හැඟීම් කියවන්නට මෙන් ඔහු මඳ වෙලාවක් දෙනෙත් එක එල්ලේ බලා සිටියේය. ඒ නලල් තලය දිගේ ගලා ආ දහඩිය බිඳක් මාගේ මුහුණට වැටුනි. කාලය සෙමින් ගෙවෙනවාද නැතහොත් වේගයෙන් ගෙවෙනවාද යන්න මට නොවැටහේ. මා සිටින්නේ සිහිනයකද සැබෑ ලෝකයේ දැයි මම නොතකමි. ඔහු මාගේ ආත්මයේ ආභ්‍යන්තරයකට කිඳා බසිමින් ආදරයේ හා අනුරාගයේ ගැළපීම මට කියා දෙමින් සිටී. වෙහෙස දැනුනද එය නොතකා මාද ඒ රිද්මයට සම වැදුනෙමි.
සඳ නැගී බැස යන්නට ඇත. හිරු සයුර පතුලේ සැතපෙන්නට ඇත. දහසක් තරු දිලී නිවී යන්නට ඇත. සිත තුල දහසක් සමනළයින් උපත ලබා පියඹා යන ආකාරයේ සිතුවිල්ලකින් මා පෙළෙන්නට වීමි. පියවි සිහියට වන් මොහොතක මා මතට කඩා වැටුනු ඔහු මාගේ ගෙලේ ඒ මුහුණ හොවා ගත්තේ නැවතත් මා කොපුල් තලයන් සිපගනිමින්. කවදාවත් ළංකර ගත නොහැකි යැයි මා සිතූ වස්තුවක් දැන් මා ලමැදේ නිදි සුව විඳිමින් පසුවේ. අපරිමිත වූ ආදරයකින් මා ඒ හිසකෙස් අතර සිරුවට ඇඟිලි තුඩු ගමන් කෙරෙව්වෙමි. දිවි ඇති තාක් ඔහුට මේ අයුරින්ම බිඳක්වත් අඩු නොකර ආදරය කරන බවට මා සිතින් මටම දිව්රුම් දුනිමි. ආදරයේ සොඳුරු ඇඳුරා වූ ඔහුව මහත් වූ ස්නේහයෙන් වැළඳගත් මා දෙනෙත් පියා ගත්තේ හෙටින් පසු ජීවිතය ගැන සිහින දැකීමේ බලාපොරොත්තු වෙනි.
නිමි………….. !

14 comments:

සෝරෝ said...

ආසවෙන් බැලුවා මේක නම්.... :)
තවත් කථාවකින් එනව ද......?

said...

ඉවරයි කිව්වේ ඉවරටම ඉවරද?

චමිදේවා said...

මාර ලස්සනට හැඟීම් වචනවලට හරවලා තියනවා... ගොඩාක් ලස්සනයි...
(හැමදාම ආවට මුකුත් කියලා ගියේ නෑ)

mahima said...

kiyanna deyakee uparemai

මාරයාගේ හෝරාව said...

සිහිනයට එකතු වන්නට ඉඩ දුන්නාට බොහෝමත්ම ස්තූතියි...

nimanthi said...

හිත හීන අද්දර
මුමුණතැයි සවනට
මඟ බලාගෙන

ඇකේෂියා.. said...

මෙතෙක් කල් ඇකේෂියාගේ සිහින ලිවීමට දිරිය වූ ඔබ සැමට හද පත්ලෙන්ම තුති.

නිම්ශා said...

හුගාරියක් ලස්සනම ලස්සනයි.....

ඇකේෂියා.. said...

බෙහෙවින්ම ස්තූතියි නිමේෂා..

අහිංසකි said...

හැගීමක් වචන වලින් කියාගන්න කොයිතරම් ලස්සනට ඇකෙෂියා උත්සාහ කරලා තියෙන්වද?
සත්තකින්ම උත්සාහය සාර්තකයී
ලස්සන හීනයක් එක්ක ආයෙමත් හමුවෙන්න ආසයී

තාරා said...

මම හැමදාම කියෙව්වා. ලස්සනයි. ලස්සනම ලස්සනයි. අන්තිම කොටස තමයි ඔයා ලස්සනටම වචන පුදුම විදිහකට ගලපල ලියල තියෙන්නෙ... තවත් කතා ගොඩක් ලියන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

මලිති said...

හුගාක් ලස්සනයි...

අනුරාධ said...

ශිට්. ඇයි මන් මේක මෙච්චර දවසක් දැක්කෙ නැත්තේ. මුලු බ්ලොග් එකම එක හුස්මට කියවගෙන කියවගෙන ගියා. බය හිතුනා කියවන අතරෙදි ඇහි පිල්ලමක් ගැහෙයි කියලා. ඒ තරම්ම ලස්සනයි. එක අතකට මට මේක මෙච්චර දවසක් හමු නොවුන එකත් හොඳයි. නැත්නම් මුලු කතාවම එක දිගට කියවන්න ලැබෙන්නෙ නෑ... අනිත් කොටස එනකම් හූල්ල හූල්ල ඉන්න වෙනවා.....
ඒ කතාව නිමි උනාට. බ්ලොග් එක නිමි නෑනෙ. තව අලුත් කතාවක් අරන් ආයෙත් එන්න.

chanusha dinushama said...

ගොඩක්ම සාර්ථක නිර්මාණයක්.එක හුස්මට කියවගෙන ගිය,ඇත්තටම ලස්සනයි.