Thursday, June 23, 2011

කින්නර අඩවිය … 10

acacia

මා නැවත නිවස කරා පැමිණියේ ඇරුණෝදයත් සමඟයි. අම්මා හෝ සියා අවදි වී නොසිටීමෙන් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැලකී සිටිමේ අවස්ථාව මට උදා විනී. දෑත් දෙපා නිල් පැහැ ගැන්වී ඇත. බොහෝ වෙලා වතුරේ සීටිමෙන් විය යුතුය. මාගේ දිවියේ ප්‍රථම වරට උදාවූ ඒ සොඳුරුතම හෝරාවන් ගැන සිහින දකිමින් සිටියදී මා නින්දට පත් වූයෙමි..

බොහෝ ප්‍රමාද වී අවදිවූ මාහට සීයාත් අම්මාත් වාදයක පැටලි ඇති ආකාරය පහත මාලයෙන් ඇසෙන්නට විය. ඔවුන්ගේ වාදයට හේතුව බොහෝ විට මා විය හැක.. මා සාලයට පියනැඟුවේ අද මේ සියළු ගැටළුන්ට විසඳුම් ලබා දෙමියි සතිමිනි. සිතූ පරිදිම මා දුටු සැනින් එතෙක දොඩමළු අම්මා හා සීයා නිහඬ විය. ඔවුන් දෙදෙනා දෙස නෙත් හෙලූ මා හඬ අවධි කළෙමි..

“සීයා, අම්මා.. ඔයාලා කියපු විදියට කිඳුරු පරපුරේ අන්තිම පුරුක හැටියට මට මං කැමති තීරණයක් ගැනීමේ අයිතිය තියෙනවා. එහෙම නේද සීයා?”

සීයා මා වෙත පැමින දෑතින්ම අල්වා ගත්තේය.

“ඇකේෂියා! ඔව් මං එහෙම කිව්වා.. ඒත් ඔයා තාම ලාමකයි. මේ ප්‍රශ්න ඔයාට බර වැඩි වෙයි කියලා හිතන්නැතුවයි මම මේවා ඔයාට පැටලුවේ. මට සමාවෙන්න දුව.. අම්මා කියනවා ඔයාවත් එක්ක ගෙන මෙහෙන් සදහටම ඈතට යනවා කියලා.. දැන් තියෙන තත්වයේ හැටියට මට ඒකට හරස් වෙන්න බෑ…” සීයාගේ හඬ බොහෝ සේ බිඳී ගිය සිතැත්තෙකුගේ මෙන් විය. අම්මා ඉවත බලා සිටින්නේ දැඩි කරගත් සිතිනි.

“සීයා.. ඔයා එදා මට කිව්වා. අපි සුවිශේෂි පරපුරක් කියලා. ඇස්ට්‍රිය්ඩ් පරපුර සයිරින් කැස්පියන් යුවළගෙ විශේෂ ආශිර්වාදය හිමි වෙච්ච පරපුරක් කියලා. එහෙම උන පරපුරක් මගෙන් නවතිනවට සීයා කැමතිද?” ඉවත බලා සිටි සියා රහසින් මෙන් හිස දෙපසට සැලීය..

“ඒක තමයි! අම්මා සීයා මට සමාවෙන්න! මම ඊයේ රෑ ඔයාලට නොකිය ඒඩ්‍රියන් හමුවෙන්න ගියා..”

අම්මාගේ මුහුණේ හැඟීම් කියවීමට මා එදෙස නොබැලුවෙමි. ඇය කෝප වන බව මා මැනවින් දනිමි. එහෙත් මා මාගේ තිරණය ඔවුන්ට කිව යුතුව ඇත.

“සීයා, ඒඩ්‍රියන්ට පොඩි කාලෙ ඉඳන් අපිට වෛර කරන්න උගන්වලා තියෙන්නේ එයාගේ තාත්තා. එයාගේ තාත්තා හිර වෙලා ඉන්න හැටි දැක්කාම ඒඩ්‍රියන් අපිට වෛර කරන්න බොහොම ලේසියෙන් පෙළඹිලා තියෙනවා.. ඒත් සීයා මට පුළුවන් ඒඩ්‍රියන්ව වෙනස් කරන්න. මම ඒක කලා සීයා. මාව විශ්වාස කරන්න. ඒඩ්‍රියන් දැන් එයා කරපු වැරදි ගැන පසුතැවෙනවා. මට දැන් එයාගේ හිතේ තියෙන දේවල් දැනෙනවා. ඒ හිතේ අපි වෙනුවෙන් තවත් වෛරයක් ඉතුරු වෙලා නෑ සීයා, තියෙන්නේ පසුතැවීමකුත් මං වෙනුවෙන් ඇති වෙච්ච ආදරයක් විතරමයි සීයා……”

මා හුස්මගැනීමට අමතක වූවෙකු, වචන අමතක වේ යැයි බිය වූවෙකු සේ කියවාගෙන ගියෙමි.

“සීයා, අම්මා, මේ අහන්න! මම තීරණය කලා. මම, ඒඩ්‍රියන්, අපි දෙන්නා කිඳුරු පවුල් දෙකක පැවැත්ම ඉදිරියට ගෙනියන්න තවත් සටන් කරන්නේ නෑ. මේ මිස්ටික් ලේක් වල තවත් බලය වෙනුවෙන් එකිනෙකා මරාගන්න කවුරුත් ඉදිරියට ඇති වෙන්නෙ නෑ. අපි දෙන්නාගෙන් ඒ හැමදේම ඉවර වෙනවා.”

මවෙත මුව අයාගත් අම්මා හා සීයා පසුකරමින් මා සාලයේ ඉදිරි දොර වෙත පියමැන්නෙමි.. තවත් ඔවුන් කුතුහලයෙන් උමතු කල නොහේ.. දොරෙහි අගුල යන්තමින් විවර කරමින් මා නැවත ඔවුන් දෙස හැරී බැලූවෙමි. රසවත් කතාවක අවසන් කොටස ඇසීමට ඇස් කන් අයාගත් කුඩා ළදරුවන් දෙදෙනෙකු මෙන් ඔවුන් දෙදෙනා මදෙස බලා සිටී.

“මම ඒඩ්‍රියන්ට ආදරෙයි අම්මා! මිස්ටික් ලේක් වල මින් ඉදිරියට පැවතෙන්නේ ඇස්ට්‍රයිඩ් හෝ අසාzරියා පරපුර නෙමෙයි. ඒඩ්‍රියන් සහ ඇකේෂියා ගෙන් ඇති වන පරපුරක්!”

මාගේ තීරණය පැවසූ මා මිදුලට පිවිසියේ නිදහස් මනසකිනි..

-----------------------------------------------------------------------------

පසු සටහන – මාගේ බලවත් ඉල්ලීම මත නිදහස් කරන ලද ඒඩ්‍රියන්ගේ පියා හා ඔහුගේ අනෙකුත් කිඳුරු නෑදෑයින් කැස්පියන් විසින් මිස්ටික් ලේක් කෙරෙන් ඔවුන්ගේ මුල් නිවෙස් වූ මහා සාගරය කරා ගෙනයන ලදී. සීයා විසින් අපගේ ආදිතමයන්ගේ සවිස්තරාත්මක ග්‍රන්තයේ ඊළඟ පරිච්ඡේදය ලිවීම මා හට භාර කලේය. පසු කාලයේදී මා ගත් තීරණය අම්මාගේද පැහැදීමට ලක්විනි. දායාබර පාඨකය. මා එදින මාගේ තිරණය අම්මාට හා සීයාට පැවසු දිනට පසු සිද්ධීන් සියල්ල මෙහි සඳහන් කර ඔබ වෙහෙසීමට මා නොසිතමි. ඒ වෙනුවට ඉහත පැවසූ ග්‍රන්ථයේ මා විසින් රචිත පරිච්ඡේදෙය් සාරාංශය මෙසේ ඔබ වෙත ගෙන එමි…….

----------------------------------------------------------------------------------------------

පූර්ණ සඳවතිය අහස සතුවූ එක් රැයක මාද ඒඩ්‍රියන් සතු වූයෙමි. පුන් සඳින් ආ රැස් නහමින් මනුෂ්‍යයෙකු බවට පත් ඒඩ්‍රියන් පළමු වරට ඔහුගේ පියවි හඬින් මා කෙරෙහි ඔහුගේ ඇති සෙනෙහස පවසද්දී මා උමතු නොවූවා පමණි. ඉන් පසු ගතවූ සෑම රාත්‍රියකම අප සොබාදහම් මව් තුරුල්ලේ භාහිර ලෝකයෙන් සැඟවී ගොස් ඔවුනොවුන් ගේ ආත්ම හුවමාරු කරගැනීමේ සොඳුරු ක්‍රිඩාවේ නිරත වීමු. අප දෙදෙනා වෙන් කළ නොහැකි යදම් වැනි බැඳීමකින් සිත් වලින් වෙලී ගියෙමු. මිස්ටික් ලේක්හි හාත්පස පැතිර තිබූ මීදුම් පටලය කෙමෙන් ඉවත්ව යන්නට විය. හිරු රුස් පෙරට වඩා දීප්තිපත්ව බැබලෙමින් පොලෝ තලය සිප ගත්හ. ගම්වාසීන්ගේ දුක්මුසු ශෝකි පෙනුම තුරන්වී ඉමහත් පිබිදීමකින් ගොවිතැන් කටයුතු වල යෙදෙන්නට විය. එසේ සියල්ල සපිරි මා දිවියේ තවත් එක් අඩුවක් පිරවීමට මා කුළුදුල් පුත් ඒරීස් හා දියණිය අඋරෝරා මෙලොවට බිහිවිය. ළඳරු කිඳුරු දරුවන්ගේ උරුවම් හඬින් මුළු වැව් තලයම ගිගුම් දෙන්නට විය.. සතුට සැනසීම සාමය මිස්ටික් ලේක්හි නැවත රජයන්නට විය. එසේ මා නිවීගිය සිතෙන් යුතුව ලී වේදිකාවේ වූ කුළුණකට බර වි වැව් තාවුල්ල දෙස බලා සිටි මොහොතක ඈතින් හමා ආ සුළඟ මට මෙසේ පැවසීය.

“ඇකේෂියා! ඔබ එය කළා. මාගෙන් තුරන්ව ගිය සතුට සැනසීම ඔබ නැවත මිස්ටික් ලේක් වෙත ගෙන ආවා. ඔබ සැබෑම කිඳුරු රුධීරය ඇත්තියක් බව සනාථ කලා. අපගේ කිඳුරු පරපුර මෙහි රැඳී සිටින තාක් කල් මාගේ ආශිර්වාදය හා රැකවරණය ඔබලාට සැමදා ලැබෙනවා ඇති…”

එය මා මින් පෙර අසා නැති හඬක් වුවද මා එය හැඳින ගතිමි. මෝගන්! මා දයාබර පියාණෙනි, ඔබ ජීවත්ව සිටියා නම්ද වෛරය ඉවත ලා තෝරා ගන්නේ සදා අමරණීය සෙනෙහස බව මා දනිමි.. ඉඳින් මා තෝරා ගත්තේද ඒ මාවතයි.

කින්නර අඩවිය නිමි……………………!

19 comments:

Anonymous said...

ලස්සන අවසානයක්‌, එකපාරටම ඉවරුනාදෝ කියලත් හිතෙනවා, මොනවා උනත් ලස්සනවා කතාවක් මෙච්චරකල් ගෙනාවට ගොඩක් ස්තුතියි, දිගටම ලියන්න, අළුත් කතාවක් දාවි කියල හිතනවා ;)

කිඩෝ said...

ලස්සන කතාවක්...ඉවරවුන එක ගැන නං දුකයි...

චමිදේවා said...

හැපි එන්ඩින්...

මමනම් හිතුවේ තවත් දිගට යාවී කියලා...කොහොම උනත් මුළු කථාවම ලස්සනයි...

මහිම මදුරංග said...

කතාව නම් උපරිමයි. ඒ උනත් ඉක්මනට ඉවර කරල කියල හිතෙනව.
අවුලක් නෑ. මර ලස්සනට ලියල තියනව

මහිම මදුරංග said...

තව 1කක්......... තව 1කක්.........

මාරයාගේ හෝරාව said...

ස්තූතියි ඇකේෂියා...

සිහිනයක් යැයි ඔබ නොකියන්නට සැබෑවක් ලෙස සිතන්නටත් හැකි කතාවක්...

අහිංසකි said...

ම්ම් හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා
ලස්සනයී,..
තවත් ලස්සන හීනයක් එක්ක තවත් දවසක් ලඟදීම එළිවෙවී කියලා හිතනවා

අහිංසකි said...

ම්ම් හිතුවට වඩා ඉක්මනට ඉවර කරලා
ලස්සනයී,..
තවත් ලස්සන හීනයක් එක්ක තවත් දවසක් ලඟදීම එළිවෙවී කියලා හිතනවා

අනුරාධ said...

මමනම් පුංචි සටනකුත් බලාපොරොත්තු උනා. කොහොම උනත් ලස්සන අවසානයක්. තවත් කතාවක් අරගෙන ඉක්මනට එන්න.

Anonymous said...

හරිම ලස්සනයි...ඇත්තටම මම ආස කරන හිනයක් වගේ...දහයම එක හුස්මට කියවන් ගියෙ පුදුම ආසවකින්.. හැමදාම වගේ ඔයාගේ කතා අපුරුයි ඇකේශියා...තවත් කතා අරන් එන්න...

විහාරා said...

අනේ ඉවරනේ.....................
හිතුවටත් වඩා ඉක්මනට ඉවර කරලා,ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි,සැබෑම කතාවක් වගෙයි,ලස්සන නිර්මයක් කලට ඔබට ස්තුති,
තවත් ඔබේ සිහිනයක් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නම්.

පිස්සු පුසා said...

මෙ මොකො අනේ කතාව ලියන්න කම්මැලි කමක් වත් හිතුනද?

Kavindya said...

හ්ම්ම්ම් කින්නර අඩවියේ හිනය ඉවරයි.. දැන් කවදද ඔයා අනිත් හීනය දකින්නේ... ඒ හිනය ඉක්මනටම දකිනවනම් මම ගොඩක් ආසයි..

ස්තූතියි ඇකේෂියා

හංසි said...

හරිම ලස්සනයි මුල ඉඳන්ම මම මේ කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා. ලස්සන නිර්මාණයක්.

හා පැටික්කි (MS) said...

ඔන්න දවස් 21කට පස්සේ ආපු ගමන් කියෙව්වේ මේ කතාව තමා. බොහොම ලස්සන අවසානයක් දීලා. ඉවර උන එක ගැන නම් දුකයි තමා. අළුත් සිහිනයක් බලන්න මග බලන් ඉන්නවා.........

ish said...

වෙනස් වගේම ලස්සන කතාවක්!!!

Purmerend said...

අළුත් කතාවක් ලියන්න අදහසක් නැද්ද?

sha said...

මන් අද තමෛ මේ ඔක්කොම කතා කියෙව්වේ. අනේ හරිම ලස්සනෛ. අපිත් ඒ කතාවේම කොටසක් වගේ වෙනවා. ඉක්මනටම තව මේ වගේ ලස්සන කතාවක් දාන්න. අපි බලන් ඉන්නවා..

SAMEERA RUKSHAN said...

මුල ඉඳන් කියෙව්වා... ලස්සන කතාවක්... තවත් අළුත් කතාවක් දාමු නේද?