Thursday, February 3, 2011

සිහින සිතුවමක්! නොනිමි……3

“මට ගෙදර යන්න බෑ….!”
“වෝව්, වෝව්, වෝව්………. සේ වට් ?”
“මට ගෙදර යන්න බෑ….!”
“Listen girl !”
“‍‍ඇකේෂියා ! මගේ නම ඇකේෂියා…”
“ඕකේ ඇකේෂියා, ඔයා ඊයේ රෑ කරදරයක වැටිලා හිටියේ, ඒ වෙලාවේ මට ඔයාව තනි කරන්න බැරි නිසා මම ඔයාව ගෙදර එක්කගෙන ආවා. මම හිතන්නේ දැන් ඔයාට තනියම ගෙදර යන්න පුළුවන්. බැරි නම් කියන්න මම ඔයාව ඇරලවන්නම්. OK !”
“මම කරදරයක වැටිලා ඉද්දි බේරගත්තාට ස්තූතියි, ඒත් ඔයා මාව ගෙදර එක්කගෙන යනවා කියලා මාව ආයෙත් ඒ කරදර ගොඩටම තල්ලු කරන්නයි හදන්නේ. මම රෑ ගෙදරින් ආවේ වෙන කරන්නම දෙයක් නැති නිසා. ප්ලීස් ! ප්ලීස් ! මාව ගෙදර එක්කන් යන්න එපා ප්ලීස් !”
මා හට පිහිට වූ පළියට ඔහුට මෙසේ කිරීම නොහොබිනා කමක් යැයි මම දනිමි. එහෙත් මා දැන් පත්ව සිටින අසරණ තත්වය මත මට කළ හැකි අන් කිසි දෙයක් නොවේ. මා කළලයක්ව සිටියදීම හැර ගිය තාත්තා. තනිව ජීවිතයට මුහුණ දිය නොහැකිව දෙවැන්නකුගේ පිහිට පැතූ අම්මා, තම රුධිරයෙන් නූපන් නිසා මා තවත් එක් ගැහැණියක් සේ දකින කුඩප්පච්චි. නිතරෝම බියෙන් සැකෙන් ගෙවූ ඒ ජීවිතය ගැන මම හැකිතාක් මාගේ ආගන්තුක ගැළවුම් කරුට තතු කීවෙමි. කුඩප්පච්චිගේ කෙනෙහිලි කම් වලට නතු නොවුනු නිසාවෙන් මා ඔහුගේ බඳ පටියෙක් කෑ පහරවල් මා‍ගේ උරිස් හා අත් වල හොඳින් සටහන් වී තිබුනි. වැස්සට තෙමීම නිසා ඒවා ඉදිමී නිල් ගොස්ය.
ආගන්තුකයාගේ ඇස් ඒ දෙස විමසුමෙන් බලා සිටිනු මම දුටිමි. මා‍ගේ ශෝකාලාපයෙන් පසු මිනිත්තු කීපයක් ගෙවී ගියද ඔහු හඬ අවදි කිරීමකින් තොරව ඔහේ බලා සිටින්නට විය. අවසානයේ ඉවසාගත නොහැකි තැන මම කතා කලෙමි. ‍
“ප්ලීස් මිස්ටර්, ඔයා මට තව එකම එක උදව්වක් කරන්න, මම දන්න තරමින් අපිට නෑදෑයෝ නෑ. පුළුවන් කමක් තියේ නම් මාව අනාථ නිවාසයකට ගිහින් දාන්න, නැතිනම් මට පුංචි හරි ‍ජොබ් එකක් හොයලා දෙන්න”  ඒ කල්පනා කාරී දෑස් තවමත් මා දෙසට යොමු නොවුනි. ඔහු එසේ සිටීම මට ඔහුව නිරීක්ෂණය කිරීමට හොඳ අවස්ථාවක් විය. දිගු විශාල කැරළි කෙස්, කොටු උපැස්, කල්පනා කාරී දෑස්.. මුඩු රැවුල් ගස් ඔහුගේ පෙනුමට පරිණත බවක් ගෙනදිය. දෑත් බැඳ නිකට ඒ මත තබා ඔහු කල්පනා කරමින් සිටින අයුරු මම බලා සිටියෙමි. හදිසියේම ඔහු මදෙස බලද්දී මාගේ නිරීක්ෂණය ඒ දෙනෙතට අසුවිය. සියුම් ලැජ්ජාවකින් මා සිත කොනිති ගසන්නට වි‍ය.
“ඇකේෂි ! ” ඇතුලාන්තයෙන් දැවී ගියෙමි. මට එසේ ආමන්ත්‍රණය කරන්නේ මගේ මව පමණි.. ඒද මා ඇයට සුරතලයෙන් ලංවූ මොහොතක් පමණි.
මම ඔයාට මෙහෙම කිව්වොත් ඔයා පිළිගනීවිද? එයාට පුළුවන් තරම් කාලයක් මගේ ගෙදර ඉන්න පුළුවන්! ඔයා කැමතිනම් විතරයි”  “But I have some conditions! What do you say ?”
සිතන්නට වේ. බෙහෙවින් සිතන්නට වේ….. එහෙත් මා සතු අන් විකල්පයක්ද නොමැත.
මා කළ යුත්තේ කුමක්ද?

3 comments:

නිම්ශා said...

මෙච්චර ඔයාව බේර ගත්ත එක්කෙනා නේ ...ඉන්න...හැබැයි ටික කාලයක් ප්‍රශ්න ඉවරවෙන කම්...
ලස්සනයි කතාව..

තාරා said...

ලියන ඒවා නම් ලස්සනයි. ගොඩක් ලස්සනයි. අනේ ඒත් මෙච්චර පුන්චි කෑලි වලින් කඩන්න එපා.. ඊගාව එක එනකන් බලන් ඉන්න වෙනවනෙ..

ඇකේෂියා.. said...

ඔබගේ ප්‍රතිචාරයට හා අදහස් දැක්වීමට ඇකේෂියාගේ ස්තූතියි. මින් ඉදිරියට එසේ නොකිරීමට වග බලාගමි. නැවතත් ස්තූතියි.