ගිටාරයත් ගමන් මළුත් දෝතින්ම ගෙන මවෙත ආ ඔහු මට සිනහවක් පෑවේය . “ඇකේෂි , හොඳ ළමයා වගේ කා එක ටිකක් වොෂ්කරලා දානවද ?” ජීවිත කාලයටම නොකළ වැඩයකි. එහෙත් ඔහුට නොහැකියි කීමට දිව නොනැමේ. හිස සලා එය පිළිගත් මා මිදුලට බැස පසෙක ඇති ගරාජයෙන් ඇවැසි දේ ගෙන මාගේ කාර්යයේ නිරත වීමී. මදක් අසීරු වුවද එය විනෝදජනක වැඩකි. සබන් දියරයෙන් බුබුළු නංවමින් පෙණ ඇති කරමින් එය කාර් බෙඳේ තවරමින් මා සිටියදී නිවසේ සිට ඔහු මට ආමන්ත්‍රණය කරන හඬ මට ඇසුණි. වතුර බටයෙන් අත් සෝදාගෙන කරාමයද වසා දමා මම නිවස තුලට දිව ගියෙමි. හවස් යාමයේ උවද නිවස තුල මඳ අඳුරක් පැවති නිසාවෙන් මම සාලයේ විදුලි පහන දැල්වන්නට ගියෙමි. එහෙත් එක වරම සාලය මැදින්……………….
“Happy Birthday to you !අද මාගේ උපන්දිනට බව සැබැවින්ම මට සිහියක් තිබුනේ නැත. කිමද මෙහි ආදා පටන් මට ගෙවෙන දවස් හෝ දිනයන් ගැන අවබෝධයක් නොතිබූ බැවිනිත දෙනෙතට කඳුළු ඉනීමට එතරම් වෙලාවෙක් නොගියේය. සෙමින් ඔහු වෙතට පැමිණී පසු ඉටිපන්දම් ටික නිවා දමන ලෙස ඔහු මට දෙනෙතින් සංඥා කලේය. පහත් වී ඉටිපන්දම් නිවන විට මම සිතෙන් එක් ප්‍රාර්ථනාවක් කලෙමි. අපූරුවට දම්පැහැති රිබන් ඔතා සරසා තිබුනු කුඩා පිහියෙන් කේක් කෑල්ලක් කපා ගත් මම එය ඔහුගේ මුවට ළංකලෙමි. මගේ දෑතම අල්ලා කේක් කෑල්ලෙන් කොටසක් මුවේ රුවාගෙන ඉතිරි ගෙන නැවතත් මා හට කැවුවේය. නැවතත් කතාබහකින් තොරවම අපි දෙදෙනා මුහුණට මුහුණ බලා සිටියදී කාලය දිව යන්නට විය. “කොහොමද අද මගේ birthday එක කියලා දැන ගත්තේ ?” මම ඇසුවේ සැබවින් එය වූයේ කෙසේද යන්න දැන ගැනීමේ කුහුලෙනි.
“Happy Birthday to you !
කුඩා ටීපෝව මත දැල්වෙන ඉටි පන්දම් සහිත කුඩා හුරුබුහුටි කේක් ගෙඩියකි. ඊට පසු පසින් ඔහු බොක්ස් ගිටාරය ඔහු ගයන ගීතයේ තාලයට වාදනය කරමින් මා වෙනුවෙන් උපන්දින ගීතය ගයමින් සිටී..
“Happy Birthday Dear Acaci”
“Happy Birthday to you !
“ එදා වැස්සේ මම ඔයාව උස්සන් ආවෙ. එදා මම ඔයාගේ පොකට් ටික බැලුවා. ඒවගෙ අයිඩෙන්ටිට කාඩ් එක තිබුනා නේ” සැබවින් ඒ කිසිවක් මා නිවසින් ගෙන ආ බවට මට මෙතෙක් සිහි නොවි තිබුනු හැටි. “ඇකේෂි ! තව Surprise එකක තියෙනවා. ඔයා කැමතිද මාත් එක්ක එළියට යන්න ? මෙතෙක් තිබුනේ ඔහු එය අසන පමාව පමණි. ඔහු හා නිවසින් පිට යාමේ ආශාවක් මා සිතේ තිබුනද එය මෙතෙක් ප්‍රකාශ නොකර සිටියේ ඔහුට කරදරයක් වීමට බියෙනි. එහෙත් අද ඔහුම එය යෝජනා කරද්දී එය ප්‍රතික්ෂේප කිරීමට මම සූදානම් නැත. ඉඳින් මා හිස සලා ඔහුගේ ආරාධනාව පිළිගත්තෙමි..
කාරයට නඟින මොහොතේ මගේ සිතට තටු ලැබුනාක් වැනී හැඟීමකින් මා ඉපිලෙන්නට වීමි. ජනාකීර්ණ ප්‍රදේශ පසු කරමින් මඳින් මද අප නිසන්සල තුරු වදුලු පිරුන ප්‍රදේශයක් කරා ළං වෙමින් සිටියෙමු. මඳකින් ඔහු කාරය පටු අතුරු මාවතකට හරවා ගත්තේය. එයින්ද මද දුරක් ගමන් කළ පසු මා නෙත ගැටුනේ අමුතුම නිවාසයකි.. එය විදෙස් ඌරුවකට තනන ලද ඉතා කුඩා නිවසක් උවද එය වටා වූ උද්‍යානය මදක් පුළුල්ව විහිදුනි. මම පුදුම වූයේ ඔහු නිවසේ දොරටුව වෙත නොව නිවස පසු කර එය පසු පසට ගමන් කල නිසාවෙනි………
“මේක මගේ යාළුවෙක්ගේ ගෙදර, එයා මේ දවස් වල ඉන්නේ ඉතාලි වල. යතුර මට භාර දීලා ගිහින් තියෙන්නේ.. Come”. නිවස පිටුපස කොටසට ගිය මට නෙතු අදහා ගැනීමට නොහැකි විය. නිවස පිටුපස වූයේ කුඩා වැව් තාවුල්ලකි. පිටුපස මිදුලේ සිට වැවේ මද දුරක් තෙක් විහිදුනු පාලමකි. එය අවසන් වන තැන හතරුස් හැඩයට සෑදූ වේදීකාවක්ද එයින් වැවට බැසීමට සාදන ලද ලී පඩි වැටකි. උමතු වීමට ආසන්න ආශාවකින් මම ඔහුගෙන් මිදී එම පාලම දිගේ ලී වේදිකාවට දුව ආවෙමි. ලී වැටෙන් වැවට එබී නැවතත් ඔහු දෙස බලන කල ඔහු මිදුලේ සිට කුඩා දියණියක් දෙස බලා සතුටුවෙන පියෙකු සේ දෑත් ලැමදේ බැඳගෙන මා දෙස බලමින් සිනා සෙමින් උන්නේය.
5 comments:
ෆුල් රොමෑන්ටික් :-)
ඊලඟ එකත් එනකන් බලා ගෙන ඉන්නවා.....
"ම" කිවුව එක ඇත්ත....!!
ලස්සනයි..සුපර්... ඔය කියන තැන නම් මැවිලා පෙනවා...
ඔය ලස්සනට මේ සිහිනය මවල තියනවා,සුපර්..
Post a Comment