එක් මොහොතකදී මුළු ලෝකයම නතරවූවා සේ මට දැනුනි. රළු සොඳුරුතමයෙකුගේ දෙතොල් හා මාදෙතොල් උනුන් හඳුනාගනා ගැනීමට යෙදෙන උත්සහයෙන් අප වල්මත් වී ගියෙමු. සංසාර පුරුද්දකට මෙන්ම ඒ පහසට නතු වීමට මා දෙතොල් එක නිමේශයකුඳු පමා වූයේ නැත. පිටතින් නොපෙනෙනා අපූර්ව බන්ධනයක් ඒ හදවතෙන් පැන නැගී එකට යාවී තිබුනු තොල් පෙති හරහා විත් මාගේ හදවතට බද්ධ වන අපූරුව මා දෙනෙත් වසා ගෙනම අත්වින්‍ෙඳමි. තව දුරටත් අප අතර සිරුරු දෙකත් නොමැති විය. වෙනස් සිරුරු දෙකක සැඟව සිටි ආත්මයන් දෙකක් උනුන් හුවමාරු වෙන අපූරුව මට දැනේ. අප අතර අංශුවක හෝ පරතරයක් තිබුනි නම් එයද සුන්නද්ධූලි වී යාමට මාගේ දෑතම ඔහුගේ බඳ වටා යවා ඔහුව දැඩිව සිර කරගතිමි.
එයින් පසුවදා අප දෙදෙනාට වූ ලබැඳියන් කිහිප දෙනෙකුගේ ආශිර්වාදය මැද සදා අපගේම වී ජීවත් වීමට සහතික වූයෙමු. මා ඔහුගේ සෙවනේ සිටි ඒ පුංචි නිවහන කරා අප හැරලූ සියළු දෙනා ආදරවන්තයින්ට හුදකලාව කොයි තරම් නම් ආශිර්වාදයක් දැයි වටහා ගත් කල මෙන් අප හැරදහා යන්නට ගියහ. නිවසේ දොරකඩ දී හැරී ඔහු මාවෙත පෑ සිනාව මා ජීවත්ව හිඳින තාක් කල් මගේ මතකයෙන් නොගිලිහෙනු ඇත. මා අත ගෙන සාලයටද ඉන් ඔහුගේ කුටියේ දොරටුව අසලටද පිය මැන්න ඔහු කාමරෙයේ දොරටුව හරින ලදී. පුරා අටමසක් තිස්සේ මේ නිවසේ මා විසුවද කෙදිනකවත් පය නොගැහූ ඒ කුටියට මම ඇතුළු වීමි. සියල්ල සැළසුම් කරන්නට ඔහුට කාලය ලැබුනේ කොයි වෙලේදැයි මා නොදනිමි. කෘතීම එළි වෙනුවට එහි වූයේ ඉටිපහන් වලින් විහිදුන සෞම්‍ය එළියයි. ආදරයේ සංකේතය වූ රතු රෝසමල් වලින් කාමරය සුවඳවත් විය.සියල්ල පෙරදා මෙන්මය. අඩුවකට තිබූ ආදරණීය සංගීතයද දුරස්ථ පාලකයකින් අවධි වී රුව් දෙන්නට විය.
Tonight I celebrate my love for youපෙරදා ඔහුගේ උණුසුම් හාදුවෙන් පණගැසූ යම් නාදුනන හැඟීමක් තවමත් මා ගත වටා දැවටෙමින් සන්තර්පනය නොවූ යමක් ඉල්ලා කැමොර දෙන්නට පටන් ගන්නා සෙයකි. එය ඔහුටද එසේම බව ඔහු මාවෙතට ළංවූ අයුරින් මා දැනගතිමි. තව දුරටත් මා බිය විය යුත්තේ කුමකටද? ඔහු දැන් මාගේය. ඉතිරිව ඇත්තේ මා ඔහු සතු වීම පමණි. මා සිර කර ගැනීමට මාන බලමින් සිටි දෑගිලි කිහිපයක් සැනෙන් මා වෙත ලං විය. මෙතෙක් ඔහුගේ පමණක් බර දැරූ මේ යහනට අද මාද බරක් විය. ඒ රළු දෑතට බියවූ මාගේ දුහුල් සළු පිළි තව දුරටත් ඔවුන්ගේ වගකීම අමතක කර දමා මා හැර යන්නට විය. දෙනෙත් වසාගෙන මේ සොඳුරු අරුමැසිය සිතින් හා ගතින් දෙකෙන්ම විඳ ගනිමින් සිටියදී මාගේ සළු පිළි පැහැර හැරූ ඒ වගකීම ඉටු කිරීම ඔහුගේ උණුසුම් සිරුර භාරගත්තේය.. විටෙක කොපුල් වලද විටෙක දෙතොලේද විටෙක ගෙලහිද විටක ලැමැදින්ද දිව යන ඒ දෙතොලේ තෙතමනය උසුලාගත නොහැකිව මගේ මුවින් අරුත් සුන්වු වදන් හා කෙඳිරිලි ගිලිහෙන්නය විය..
It seems the natural thing to do
Tonight no one's gonna find us
We'll leave the world behind us
When I make love to you
Tonight I celebrate my love for you
And hope that deep inside you'll feel it too
Tonight our spirits will be climbing
To a sky filled up with diamonds
When I make love to you, tonight
Tonight I celebrate my love for you
And that midnight sun is gonna come shining through
Tonight there'll be no distance between us
What I want most to do, is to get close to you
Tonight
Tonight I celebrate my love for you
And soon this old world will seem brand new
Tonight we will both discover how friends turn into lovers
When I make love to you
ඒ ඇසෙන්නේ මාගේ හිස ඇතුලින්ද නැතහොත් කාමරයේ වූ ගීත වාදන යන්ත්‍රයෙන් දැයි මම නොදනිමි.. ඒ දිගු කෙහෙරැළි අතර මාගේ ඇඟිලි තුඩු ඇඳී යද්දී දහදියෙන් තෙත් වී ගිය කෙස් ඇඟිලි අතරේ පැටලී යන්නට විට. මාගේ මුහුණේ හැඟීම් කියවන්නට මෙන් ඔහු මඳ වෙලාවක් දෙනෙත් එක එල්ලේ බලා සිටියේය. ඒ නලල් තලය දිගේ ගලා ආ දහඩිය බිඳක් මාගේ මුහුණට වැටුනි. කාලය සෙමින් ගෙවෙනවාද නැතහොත් වේගයෙන් ගෙවෙනවාද යන්න මට නොවැටහේ. මා සිටින්නේ සිහිනයකද සැබෑ ලෝකයේ දැයි මම නොතකමි. ඔහු මාගේ ආත්මයේ ආභ්‍යන්තරයකට කිඳා බසිමින් ආදරයේ හා අනුරාගයේ ගැළපීම මට කියා දෙමින් සිටී. වෙහෙස දැනුනද එය නොතකා මාද ඒ රිද්මයට සම වැදුනෙමි.
සඳ නැගී බැස යන්නට ඇත. හිරු සයුර පතුලේ සැතපෙන්නට ඇත. දහසක් තරු දිලී නිවී යන්නට ඇත. සිත තුල දහසක් සමනළයින් උපත ලබා පියඹා යන ආකාරයේ සිතුවිල්ලකින් මා පෙළෙන්නට වීමි. පියවි සිහියට වන් මොහොතක මා මතට කඩා වැටුනු ඔහු මාගේ ගෙලේ ඒ මුහුණ හොවා ගත්තේ නැවතත් මා කොපුල් තලයන් සිපගනිමින්. කවදාවත් ළංකර ගත නොහැකි යැයි මා සිතූ වස්තුවක් දැන් මා ලමැදේ නිදි සුව විඳිමින් පසුවේ. අපරිමිත වූ ආදරයකින් මා ඒ හිසකෙස් අතර සිරුවට ඇඟිලි තුඩු ගමන් කෙරෙව්වෙමි. දිවි ඇති තාක් ඔහුට මේ අයුරින්ම බිඳක්වත් අඩු නොකර ආදරය කරන බවට මා සිතින් මටම දිව්රුම් දුනිමි. ආදරයේ සොඳුරු ඇඳුරා වූ ඔහුව මහත් වූ ස්නේහයෙන් වැළඳගත් මා දෙනෙත් පියා ගත්තේ හෙටින් පසු ජීවිතය ගැන සිහින දැකීමේ බලාපොරොත්තු වෙනි.
නිමි………….. !